Wednesday, December 12, 2012
Thursday, December 6, 2012
Wednesday, October 24, 2012
Wednesday, October 17, 2012
Friday, October 12, 2012
Wednesday, October 3, 2012
Thursday, September 27, 2012
Monday, September 24, 2012
Thursday, September 20, 2012
Thursday, September 13, 2012
Monday, September 3, 2012
Monday, August 20, 2012
Monday, June 25, 2012
Thursday, June 14, 2012
මගේ හිත අද මටම අවනත නැතිවෙලා.
සිහින සිතුවම්
බොඳවෙලා
දෑස කඳුලින් තෙත්වෙලා
දෑස කඳුලින් තෙත්වෙලා
මතකයන් තුළ
තනිවෙලා
මගේ හිත අද මටම අවනත නැතිවෙලා...
මගේ හිත අද මටම අවනත නැතිවෙලා...
ගලන ගංගාවක්
වගේ
ජීවිතේ ඔහෙ
ගලායයි
සීමා මායිම්
නැති, පවුරු බැමි නැති
මගේ හිත අද මටම
අවනත නැතිවෙලා...
සිහින දැක්කෙත්
මං තමයි
පෙම් කළෙත් මා
ඔබටමයි
අහිමි වූවත්,
හදාගන්නට බැරි තරම්,
මගේ හිත අද මටම
අවනත නැතිවෙලා...
තරු නොපෑයු
අහසක් වගේ
නිසල මහ සයුරක්
වගේ
අඳුර ගිලගත් ජීවිතේ තුළ
මගේ හිත අද මටම
අවනත නැතිවෙලා...
Wednesday, June 13, 2012
මේ ජීවිතේ...!!!
මගේ ජීවිතේ
සිතුවම් පටක් මෙනි.
ආදරේ කළේ එක් අයෙකුටයි,
හිත හොරාගත්තෙ වෙනත් කෙනෙකුයි,
නමුත් මා හිමිවුණේ තවත් කෙනෙකුටයි.
ආදරේ කළේ එක් අයෙකුටයි,
හිත හොරාගත්තෙ වෙනත් කෙනෙකුයි,
නමුත් මා හිමිවුණේ තවත් කෙනෙකුටයි.
කෙසේ අමතක
කරන්නට තැතනුවත්,
ඒ හැම මතකයක්ම මොහොතින් මොහොත
සිත්තම් පෙළක් මෙන් මගේ මතකයේ මැවෙනවා.
ඒ හැම මතකයක්ම හරිම සුන්දරයි.
ඒ හැම මතකයක්ම මොහොතින් මොහොත
සිත්තම් පෙළක් මෙන් මගේ මතකයේ මැවෙනවා.
ඒ හැම මතකයක්ම හරිම සුන්දරයි.
ඒත්...........
මගේ හිත අද මටම අවනත නැතිවෙලා,
මගේ හිත අද මටම අවනත නැතිවෙලා,
මට මාවම පාලනය
කරගන්න බැරිවෙලා.
වෙලාවකට මට හිතෙනවා.........
මං මගේ හැම දෙයක්ම,
මං මගේ හැම දෙයක්ම,
මට උරුමවුණු
හැම දෙයක්ම,
නැති කරගත්තද
කියලා..........
Thursday, June 7, 2012
Sunday, June 3, 2012
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා
බුදුන් සරණ
සතහට වේවා - සඳහම් රස සෙත සැලසේවා
සඟුන් බෙලෙන් මෙත වැජඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා...//
සඟුන් බෙලෙන් මෙත වැජඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා...//
පොසොන් මහේ සඳ
එළිය ගලාවිත්
මිහිමව් අඳුරෙන්
එකලු කළා
මිහින්තලා කඳු
මුදුන දෙසින් ආ
සාධු හඬින්
ලක්මව තෙමුණා...//
පොසොන් පෝ දා -
අනුබුදු හිමි වැඩි පුන් පෝ දා//
ලක් වැසියන් හට
මෙත් කරුණාවෙන්
බුදුන් දෙසූ සඳහම්
ගඟුලේ
දම් බිඳකින්
සිරිලක නිවුණා
චුලහත් පදුපම
සුත දම් දෙසුමට
දෙටුතිස් රජ
තිසරණ පැතුවා...//
පොසොන් පෝ දා -
අනුබුදු හිමි වැඩි පුන් පෝ දා...//
අකුසල්
දුමියොත් වසා පැතිර ගිය
අටලෝ තිලකුන්
ඵලදම් වැස්සට
තුන් ලෝ තෙද බල
සසල වුණා
මිනිසා තිරිසන්
බවින් මිදී අඳ
නිවන් මඟට
දෙනුවන් ලැබුවා...//
පොසොන් පෝ දා -
අනුබුදු හිමි වැඩි පුන් පෝ දා//
පොසොන් මහේ සඳ
එළිය ගලාවිත්..........
බුදුන් සරණ
සතහට වේවා - සඳහම් රස සෙත සැලසේවා
සඟුන් බෙලෙන්
මෙත වැජඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා....//
පද රචනය - චතූ
පෙරේරා
බුදුහාමුදුරුවනේ.....
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස......
පංචකාම බලයෙන්
මත් වී
සත්වග අඳුරට
මුවා වෙලා
මිනිසා තිරිසන්
බවින් මුදන්නට
බුදුරැස්
අරුණලු එකලු වුණා
බුදුහාමුදුරුවනේ........
බුදුරැස්
අරුණලු එකලු වුණා...//
අමා දහම් රස ගඟුල
ගලා
මෙත් කරුණා
සියපත් පිපිලා
අටලෝ දහමින්
කම්පිත නොවනට
සමිද දෙසූ
තිලකුන් ඇසුණා
බුදුහාමුදුරුවනේ........
සමිද දෙසූ
තිලකුන් ඇසුණා...//
මිසදිටුකම්
අකුසල දම් කුල මල
නිමල දහම්
සයුරේ ගිල්වා
අමිල නිවන් මඟ
ලොවට පිදූ ඔබ
කුසිනාරාවේ
පිරිනිවුණා
බුදුහාමුදුරුවනේ..........
ලෝ සත කතරින්
එතෙර වුණා...//
බුද්ධං සරණං
ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං
ගච්ඡාමි - තිසරණ සරණං ගච්ඡාමි...//
පද රචනය - චතූ
පෙරේරා
Thursday, May 31, 2012
Saturday, March 3, 2012
Monday, February 27, 2012
Sunday, February 19, 2012
Sunday, January 29, 2012
Saturday, January 28, 2012
මගෙ කතා පොතින්.....
සිත පෙරැම් පුරා බලා සිටින්නෙ
ඔය නෙතු අබියස මගෙ කතාව කියැවෙන තෙක්ය.
නමුත් එය කෙසේ කියන්නදෝ මට නොහැඟේ.
ආදරය අතින් ගෙන
ජීවිතය සෙව්වත්
මේවන තෙක්
මා ලද දෙයක් නම් නොමැත.
නමුත් අදත් හෙටත් හැමදාමත් මා බලා සිටින්නෙ
ඒ ජීවිතය මා සොයා එන තෙක්ය.
එය මා සොයා පැමිණි දිනක
ඔව්, මම මගෙ කතාව අනිවාර්යයෙන්ම
ඔබට පවසන්නෙමි.
The love is a my dream
But, it will be a real some day.
Hope so..........!!!
Saturday, January 21, 2012
මා නම් තවමත් නොදනිමි
ඒ හමුවීම අහඹුවක්දැයි මා නොදනිමි
නමුත් ඔය දෑස් මත ලියැවුණු ඒ ආදරය තාමත් මට එදා වගෙම මතකයි.
ඔය සුදු පාට මුව පොඩියෙන් හිනාවෙලා,
ඔය දිලිසෙන ඇස් දෙකෙන් මට ලොකු කතාවක් කියනවා කියලා තේරැණා.
නමුත් මං දිහා බලන් හිටිය ඒ බැල්මෙ තිබුණෙ හරි පුදුමාකාර ලෙන්ගතු බවක්.
මාත් එක්ක කතාකළේ වචන දහයකටත් අඩු ගාණක් වෙන්න පුලුවන්.
ඒත් අන්තිමේදී ඔයා මගෙ ලගටම ඇවිත්
ඔය චූටි ඇස් දෙකෙන් කිව්වෙ,
මං ගිහින් එන්නම් කියල විතරයි.
මං ගිහින් එන්නම් කියල විතරයි.
ඒ වුණත් ඔයත් මාත් හොඳින්ම දන්නවා
එතන ඉතිරිවුණේ ඒ වචන තුනම විතරක් නෙමෙයි.
එතන ඉතිරිවුණේ ඒ වචන තුනම විතරක් නෙමෙයි.
කියාගන්න බැරි තරම් ලොකු ආදරණීය බලාපොරොත්තු ගොන්නක්.
මේ පුංචි හිත මේ තරම් කළඹලා සිරකරගෙන තියාගන්න තරම්........
ඔයා වගෙ අහිංසක සුදු ලස්සන කොල්ලෙක්ට පුලුවන් වුණේ කොහොමද කියලා
මං නම් තාමත් දන්නෑ අයියෙ............
(චතූගෙ නෙතින්......)
ඔයා වගෙ අහිංසක සුදු ලස්සන කොල්ලෙක්ට පුලුවන් වුණේ කොහොමද කියලා
මං නම් තාමත් දන්නෑ අයියෙ............
(චතූගෙ නෙතින්......)
ආදරණීය නිමේෂයක්..........
සුවඳ හමන පාට පාට මල් පිපිලා තිබුණ
පුංචිම පුංචි නිසල මාවතක් ඔස්සෙ
අත්වැල් අල්ලගෙන ඔයත් එක්ක පියනගපු ඒ නිමේෂය .........!!!
එදා ඒ පුංචි මාවත අද්දර තිබ්බ ආදරණීය බව, අද කඳුලක් බවට පත්වෙලා
සුසුමක් බවට පත්වෙලා මේ වා තලයට මුසුවෙලා ගිහින්
නමුත් ඒ මතකයන් කෙදිනකවත් අමතක නොවී සදා මේ පුංචි මාවතෙහිම රැදිලා තියේවි.........
පුංචිම පුංචි නිසල මාවතක් ඔස්සෙ
අත්වැල් අල්ලගෙන ඔයත් එක්ක පියනගපු ඒ නිමේෂය .........!!!
එදා ඒ පුංචි මාවත අද්දර තිබ්බ ආදරණීය බව, අද කඳුලක් බවට පත්වෙලා
සුසුමක් බවට පත්වෙලා මේ වා තලයට මුසුවෙලා ගිහින්
නමුත් ඒ මතකයන් කෙදිනකවත් අමතක නොවී සදා මේ පුංචි මාවතෙහිම රැදිලා තියේවි.........
Thursday, January 19, 2012
Sunday, January 15, 2012
මගෙ Life 1(3)
අද කතාකරමු මගෙ ස්කෝලෙ ගැන. අද වෙනකොට මං ස්කෝල 3කට ගිහින් තියෙනවා. මගෙ මුල්ම ස්කෝලෙ 1-3 දක්වා වේයන්ගොඩ තියෙන එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සෙ 4-11 දක්වා මහර මහාමායා බාලිකා විද්‍යාලය. O/L පාස් වුණාට පස්සෙ A/L වලට ආවෙ දැන් යන විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට. Nice නෙ. ගම්බද ජීවිතයෙන් නාගරික ජීවිතයට ඇදුන කෙල්ලෙක් කියල පේනවා නේද?
මගෙ Life 1(2)
මගෙ විනෝදාංශ ගැනත් කිව්වනෙ. දැන් කියන්නම් මගෙ ෆ්‍රෙඩාලා ගැන. අපි හැමෝටම ජීවිතයෙ ලැබෙන වැදගත් සම්පතක් තමයි අපෙ යාලුවො. ඉතින් මටත් ඒ සම්පත ලැබිල තියෙනවා. කොටින්ම කිව්වොත් Art section 1ම මගෙ යාලුවො. ඉතින් ගොඩක් ලගින් ආශ්‍රය කරන අය විදිහට පමී, සජී, හෂිනි, නිමර්ෂි ඔය වගෙ අම්බෝ හෙන සෙට් 1ක් ඉන්නවා. මොකද අපෙ subjects වලට අදාළ යාලුවො වෙනම set 1ක්ම ඉන්නවනෙ. මෙයාලා නම් හරිම හොඳයි. මට ගොඩක් ආදරෙයි. මාත් ඉතින් ඒ වගෙ තමයි.
මගෙ Life 1
ඔන්න එහෙනම් හා හා පුරා කියලා මං ගැන කියන්න පටන්ගන්නම්කො. මගෙ නම රැවන්ති කෞශල්‍යා රත්නායක. මුලකුරැ නම් නෑ. නමටම තියෙන්නෙ ඔන්න ඔය වචන කෑලි 3. අවුරැදු 18ක 19ක විතර පොඩි කෙල්ලෙක්. හැබැයි ඉතින් මේ ලියන මොහොතෙ. හොඳේ. මගෙ පවුලෙ හරියටම 4යි. මායි, අම්මයි, තාත්තයි, මගෙ නංගියි. ඔන්න ඔච්චරයි. ආ..... අමතක වුණා. තව චූටි පූස් පැටියෙකුත් ඉන්නවා. එයත් ඉතින් හරියට අපෙ පවුලෙ සාමාජිකයෙක් වගේ තමයි. මම දැනට A/L කරනවා. අන්තිම year 1 ඉන්නෙ. කරන්නෙ Arts subjects. හිතනවා ඇති නෙ මැට්ටෙක් නිසා Arts කරනවා කියලා. අපෝ නෑ. මං හරි ආසයි, කලාත්මක දේවල්වලට. ඒකයි Arts තෝරගත්තෙ. මං කරන විෂයන් තමයි I.T, Drama & Japanese. 1කට 1ක් කිසිම ගැලපීමක් නැති subjects නේද? ඒත් ඉතින් ආසාවෙන්නෙ කරන්නෙ. ඒ නිසා කමක් නෑ. අපි ඕනෑම දෙයකට ආසවෙන්න ඕන ඒ දෙය කරන්න. කිසිම ආසාවක් නැතිව දෙයක් කරලා ඒක වරද්දගත්තම අන්තිමට විඳවන්න සිද්දවෙන්නෙත් අපිටම තමයි. ඒ නිසා මං නම් කියන්නෙ තමන්ට කැමති දෙය කරන්න. හැබැයි ඒ කරන දෙය නිවැරදි දෙයක් වෙන්නත් ඕන හොඳද?
ඔන්න ඉතින් ආයි මං ගැන කතාකරමුකො. අපි හැමෝටම විනෝදාංශ කියල දෙයක් තියෙනවානෙ. මටත් තියෙනවා ඔය කියන විනෝදාංශ. 1ක් කියල නෑ. හෙන තොගයක්. මං ආසයි මුද්දර එකතු කරන්න. Computer ගහන්න. ඒක ඉතින් කොහොමත් මගෙ life 1 නෙ. ආ...... තව badminton play කරන්න. එතකොට facebook යන්න. ඔය වගෙ ගොඩාක් දේවල්. අයියෝ....... අමතක වුණා. Films බලන්න. හොඳයි කියල හිතෙන ඕනෑම Film 1ක් බලනවා. මෙව්වා කියෙව්වට මදි. හොඳේ. ඔයාලගෙ විනෝදාංශ ගැනත් comments එහෙම දාන්න.......
Subscribe to:
Posts (Atom)