topbella

Sunday, January 29, 2012

ආදරණීය අම්මේ.....


 ඔබෙ නම මුමුණන වරක් වරක් පාසා
මට සිහිවෙයි ඔබ මා හැරගිය හැටි
මට සිහිවෙයි අම්මේ.....

තරැ නැති අහසේ මැවෙයි ඔබෙ රැව
මා ආදර අම්මේ.....
තරැ කැට අහුරක් ගෙන ඔබෙ හිස මත
සරසමි බැති පෙමිණි.....

මා මෙලොවට බිහි කරදා ඉඳලා
ඔබෙ සෙනෙහෙ මට දැනුණෙ නෑ අම්මේ.....
සිහිනෙන් හෝ විත් මගෙ හිස පිරිමැද
දුවේ කියන් අම්මේ.....


















සෙනෙහසින් සිනාසෙන ඔබෙ රැව සුන්දරය
මා
ලොවේ රජ කරන රැජිණියද ඔබමය
මා දිවිය
ළිය කළ සුරගනද ඔබමය
මා ප්‍රිය, මගෙ දිවිය කැප ක
ළේ
ද මා ඔබ හටමය
                                                                  -අච්නි-

Saturday, January 28, 2012

මගෙ කතා පොතින්.....

සිත පෙරැම් පුරා බලා සිටින්නෙ
ඔය නෙතු අබියස මගෙ කතාව කියැවෙන තෙක්ය.
නමුත් එය කෙසේ කියන්නදෝ මට නොහැඟේ.
ආදරය අතින් ගෙන
ජීවිතය සෙව්වත්
මේවන තෙක්
මා ලද දෙයක් නම් නොමැත.
නමුත් අදත් හෙටත් හැමදාමත් මා බලා සිටින්නෙ
ඒ ජීවිතය මා සොයා එන තෙක්ය.
එය මා සොයා පැමිණි දිනක
ඔව්, මම මගෙ කතාව අනිවාර්යයෙන්ම
ඔබට පවසන්නෙමි.
The love is a my dream
But, it will be a real some day.
Hope so..........!!!






නිහඩ මේ රෑ මගෙ සිත
දිවයයි  සොඳුරැ අතීතයට
නිදි සුවින් බොහෝවර
නිදි දෙව්දුව වැළඳගන්නට සිතෙයි මට
                                         -අච්නි-

තනිකම









All Friends Have Strong Heart
            It Is Their Wealth
Then They Have Kind Eyes
            So See Any Kind Friends
                                       -Achini-

Saturday, January 21, 2012

මා නම් තවමත් නොදනිමි

















ඒ හමුවීම අහඹුවක්දැයි මා නොදනිමි
නමුත් ඔය දෑස් මත ලියැවුණු ඒ ආදරය තාමත් මට එදා වගෙම මතකයි.
ඔය සුදු පාට මුව පොඩියෙන් හිනාවෙලා,
ඔය දිලිසෙන ඇස් දෙකෙන් මට ලොකු කතාවක් කියනවා කියලා තේරැණා.
නමුත් මං දිහා බලන් හිටිය ඒ බැල්මෙ තිබුණෙ හරි පුදුමාකාර ලෙන්ගතු බවක්.
මාත් එක්ක කතාකළේ වචන දහයකටත් අඩු ගාණක් වෙන්න පුලුවන්.
ඒත් අන්තිමේදී ඔයා මගෙ ලගටම ඇවිත්
ඔය චූටි ඇස් දෙකෙන් කිව්වෙ,
මං ගිහින් එන්නම් කියල විතරයි.
ඒ වුණත් ඔයත් මාත් හොඳින්ම දන්නවා
එතන ඉතිරිවුණේ ඒ වචන තුනම විතරක් නෙමෙයි.
කියාගන්න බැරි තරම් ලොකු ආදරණීය බලාපොරොත්තු ගොන්නක්.
මේ පුංචි හිත මේ තරම් කළඹලා සිරකරගෙන තියාගන්න තරම්........
ඔයා වගෙ අහිංසක සුදු ලස්සන කොල්ලෙක්ට පුලුවන් වුණේ කොහොමද කියලා
මං නම් තාමත් දන්නෑ අයියෙ............
(චතූගෙ නෙතින්......)























ජීවිතය සුන්දරයි            - එහි පැතුම් බොහෝමයි
ආදරය දුකයි                  - දැනෙන හැඟුම් වේදනායි
සිහිනයන් සුන්දරයි        - මායාව රජකරයි
මිතුදම ස්ථීරයි                - සෑමදා එකසේමයි
                                                     -අචිනි-



ආදරණීය නිමේෂයක්..........






















සුව හමන පාට පාට මල් පිපිලා තිබුණ
පුංචිම පුංචි නිසල මාවතක් ඔස්සෙ
අත්වැල් අල්ලගෙන ඔයත්
ක්ක පියනගපු ඒ නිමේෂය .........!!!
දා ඒ පුංචි මාවත අද්දර තිබ්බ දරණීය බව, අද කඳුලක් බවට පත්වෙලා
සුසුමක් බවට පත්වෙලා 
මේ වා තලයට මුසුවෙලා ගිහින්
නමුත් ඒ මතකයන් කෙදිනකවත් අමතක නොවී සදා මේ පුංචි මාවතෙහිම රැදිලා තියේවි.........


































































 












මිටියාවතෙ මා හා සතුටින් විදයන්නට,
ජීවිතයට මට
ළිය දෙන පහනක් වන්නට,
නිදි සුවය ලබාදෙන දෙව්දුවක් වන්නට,
මිතුර,
න්න මා හා ලොව දකින්නට.....
                                                   -අචිනි-

ඒ ඔබම තමා......


Thursday, January 19, 2012

මිතුදම...



 
 මිතුදමින් පෝෂණය වූ ජීවිතය කිසිවෙකුට බිඳ හෙළිය නොහැකිය. අප ආදරය වෙනුවෙන් කැප කරනා දෙයට වඩා මිතුදම වෙනුවෙන් කැප කරන දෙය අපගෙ ආත්මය පුරාවටම අපට සැනසීම ලබාදෙයි. 
               -අචිනි-

Sunday, January 15, 2012

ඔබ හට.........


මගෙ Life 1(3)


             අද කතාකරමු මගෙ ස්කෝලෙ ගැන. අද වෙනකොට මං ස්කෝල 3කට ගිහින් තියෙනවා. මගෙ මුල්ම ස්කෝලෙ 1-3 දක්වා වේයන්ගොඩ තියෙන එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සෙ 4-11 දක්වා මහර මහාමායා බාලිකා විද්‍යාලය. O/L පාස් වුණාට පස්සෙ A/L වලට ආවෙ දැන් යන විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට. Nice නෙ. ගම්බද ජීවිතයෙන් නාගරික ජීවිතයට ඇදුන කෙල්ලෙක් කියල පේනවා නේද?





සුන්දරත්වය පිරැණු මල් පොකුරක සුවඳ විහිදෙන්නා වාගෙම, සෙනෙහසින් පිරැණු ජීවිතයක අගය සැම අතම පැතිරෙයි.
                 -අචිනි-

අසරණව අයදින්නෙමි...........


මගෙ Life 1(2)


          මගෙ විනෝදාංශ ගැනත් කිව්වනෙ. දැන් කියන්නම් මගෙ ෆ්‍රෙඩාලා ගැන. අපි හැමෝටම ජීවිතයෙ ලැබෙන වැදගත් සම්පතක් තමයි අපෙ යාලුවො. ඉතින් මටත් ඒ සම්පත ලැබිල තියෙනවා. කොටින්ම කිව්වොත් Art section 1ම මගෙ යාලුවො. ඉතින් ගොඩක් ලගින් ආශ්‍රය කරන අය විදිහට පමී, සජී, හෂිනි, නිමර්ෂි ඔය වගෙ අම්බෝ හෙන සෙට් 1ක් ඉන්නවා. මොකද අපෙ subjects වලට අදාළ යාලුවො වෙනම set 1ක්ම ඉන්නවනෙ. මෙයාලා නම් හරිම හොඳයි. මට ගොඩක් ආදරෙයි. මාත් ඉතින් ඒ වගෙ තමයි.



 අප සැවොම ජීවිතය නැමැති කෙළවරක් නොපෙනෙන මහා සාගරයෙ යාත්‍රා කරන්නෝය. ජීවිතය විනාශකොටගෙන ම සාගරයෙ නොගිලී සාර්ථකත්වය නැමැති ගොඩබිම වෙතට යාත්‍රා කළ යුතුය.
                                     -අචිනි-







ජීවිතය


මගෙ Life 1


           ඔන්න එහෙනම් හා හා පුරා කියලා මං ගැන කියන්න පටන්ගන්නම්කො. මගෙ නම රැවන්ති කෞශල්‍යා රත්නායක. මුලකුරැ නම් නෑ. නමටම තියෙන්නෙ ඔන්න ඔය වචන කෑලි 3. අවුරැදු 18ක 19ක විතර පොඩි කෙල්ලෙක්. හැබැයි ඉතින් මේ ලියන මොහොතෙ. හොඳේ. මගෙ පවුලෙ හරියටම 4යි. මායි, අම්මයි, තාත්තයි, මගෙ නංගියි. ඔන්න ඔච්චරයි. ආ..... අමතක වුණා. තව චූටි පූස් පැටියෙකුත් ඉන්නවා. එයත් ඉතින් හරියට අපෙ පවුලෙ සාමාජිකයෙක් වගේ තමයි. මම දැනට A/L කරනවා. අන්තිම year 1 ඉන්නෙ. කරන්නෙ Arts subjects. හිතනවා ඇති නෙ මැට්ටෙක් නිසා Arts කරනවා කියලා. අපෝ නෑ. මං හරි ආසයි, කලාත්මක දේවල්වලට. ඒකයි Arts තෝරගත්තෙ. මං කරන විෂයන් තමයි I.T, Drama & Japanese. 1කට 1ක් කිසිම ගැලපීමක් නැති subjects නේද? ඒත් ඉතින් ආසාවෙන්නෙ කරන්නෙ. ඒ නිසා කමක් නෑ. අපි ඕනෑම දෙයකට ආසවෙන්න ඕන ඒ දෙය කරන්න. කිසිම ආසාවක් නැතිව දෙයක් කරලා ඒක වරද්දගත්තම අන්තිමට විඳවන්න සිද්දවෙන්නෙත් අපිටම තමයි. ඒ නිසා මං නම් කියන්නෙ තමන්ට කැමති දෙය කරන්න. හැබැයි ඒ කරන දෙය නිවැරදි දෙයක් වෙන්නත් ඕන හොඳද?   

            ඔන්න ඉතින් ආයි මං ගැන කතාකරමුකො. අපි හැමෝටම විනෝදාංශ කියල දෙයක් තියෙනවානෙ. මටත් තියෙනවා ඔය කියන විනෝදාංශ. 1ක් කියල නෑ. හෙන තොගයක්. මං ආසයි මුද්දර එකතු කරන්න. Computer ගහන්න. ඒක ඉතින් කොහොමත් මගෙ life 1 නෙ. ආ...... තව badminton play කරන්න. එතකොට facebook යන්න. ඔය වගෙ ගොඩාක් දේවල්. අයියෝ....... අමතක වුණා. Films බලන්න. හොඳයි කියල හිතෙන ඕනෑම Film 1ක් බලනවා. මෙව්වා කියෙව්වට මදි. හොඳේ. ඔයාලගෙ විනෝදාංශ ගැනත් comments එහෙම දාන්න.......