ඒ හමුවීම අහඹුවක්දැයි මා නොදනිමි
නමුත් ඔය දෑස් මත ලියැවුණු ඒ ආදරය තාමත් මට එදා වගෙම මතකයි.
ඔය සුදු පාට මුව පොඩියෙන් හිනාවෙලා,
ඔය දිලිසෙන ඇස් දෙකෙන් මට ලොකු කතාවක් කියනවා කියලා තේරැණා.
නමුත් මං දිහා බලන් හිටිය ඒ බැල්මෙ තිබුණෙ හරි පුදුමාකාර ලෙන්ගතු බවක්.
මාත් එක්ක කතාකළේ වචන දහයකටත් අඩු ගාණක් වෙන්න පුලුවන්.
ඒත් අන්තිමේදී ඔයා මගෙ ලගටම ඇවිත්
ඔය චූටි ඇස් දෙකෙන් කිව්වෙ,
මං ගිහින් එන්නම් කියල විතරයි.
මං ගිහින් එන්නම් කියල විතරයි.
ඒ වුණත් ඔයත් මාත් හොඳින්ම දන්නවා
එතන ඉතිරිවුණේ ඒ වචන තුනම විතරක් නෙමෙයි.
එතන ඉතිරිවුණේ ඒ වචන තුනම විතරක් නෙමෙයි.
කියාගන්න බැරි තරම් ලොකු ආදරණීය බලාපොරොත්තු ගොන්නක්.
මේ පුංචි හිත මේ තරම් කළඹලා සිරකරගෙන තියාගන්න තරම්........
ඔයා වගෙ අහිංසක සුදු ලස්සන කොල්ලෙක්ට පුලුවන් වුණේ කොහොමද කියලා
මං නම් තාමත් දන්නෑ අයියෙ............
(චතූගෙ නෙතින්......)
ඔයා වගෙ අහිංසක සුදු ලස්සන කොල්ලෙක්ට පුලුවන් වුණේ කොහොමද කියලා
මං නම් තාමත් දන්නෑ අයියෙ............
(චතූගෙ නෙතින්......)
0 comments:
Post a Comment