topbella

Sunday, January 15, 2012

මගෙ Life 1


           ඔන්න එහෙනම් හා හා පුරා කියලා මං ගැන කියන්න පටන්ගන්නම්කො. මගෙ නම රැවන්ති කෞශල්‍යා රත්නායක. මුලකුරැ නම් නෑ. නමටම තියෙන්නෙ ඔන්න ඔය වචන කෑලි 3. අවුරැදු 18ක 19ක විතර පොඩි කෙල්ලෙක්. හැබැයි ඉතින් මේ ලියන මොහොතෙ. හොඳේ. මගෙ පවුලෙ හරියටම 4යි. මායි, අම්මයි, තාත්තයි, මගෙ නංගියි. ඔන්න ඔච්චරයි. ආ..... අමතක වුණා. තව චූටි පූස් පැටියෙකුත් ඉන්නවා. එයත් ඉතින් හරියට අපෙ පවුලෙ සාමාජිකයෙක් වගේ තමයි. මම දැනට A/L කරනවා. අන්තිම year 1 ඉන්නෙ. කරන්නෙ Arts subjects. හිතනවා ඇති නෙ මැට්ටෙක් නිසා Arts කරනවා කියලා. අපෝ නෑ. මං හරි ආසයි, කලාත්මක දේවල්වලට. ඒකයි Arts තෝරගත්තෙ. මං කරන විෂයන් තමයි I.T, Drama & Japanese. 1කට 1ක් කිසිම ගැලපීමක් නැති subjects නේද? ඒත් ඉතින් ආසාවෙන්නෙ කරන්නෙ. ඒ නිසා කමක් නෑ. අපි ඕනෑම දෙයකට ආසවෙන්න ඕන ඒ දෙය කරන්න. කිසිම ආසාවක් නැතිව දෙයක් කරලා ඒක වරද්දගත්තම අන්තිමට විඳවන්න සිද්දවෙන්නෙත් අපිටම තමයි. ඒ නිසා මං නම් කියන්නෙ තමන්ට කැමති දෙය කරන්න. හැබැයි ඒ කරන දෙය නිවැරදි දෙයක් වෙන්නත් ඕන හොඳද?   

            ඔන්න ඉතින් ආයි මං ගැන කතාකරමුකො. අපි හැමෝටම විනෝදාංශ කියල දෙයක් තියෙනවානෙ. මටත් තියෙනවා ඔය කියන විනෝදාංශ. 1ක් කියල නෑ. හෙන තොගයක්. මං ආසයි මුද්දර එකතු කරන්න. Computer ගහන්න. ඒක ඉතින් කොහොමත් මගෙ life 1 නෙ. ආ...... තව badminton play කරන්න. එතකොට facebook යන්න. ඔය වගෙ ගොඩාක් දේවල්. අයියෝ....... අමතක වුණා. Films බලන්න. හොඳයි කියල හිතෙන ඕනෑම Film 1ක් බලනවා. මෙව්වා කියෙව්වට මදි. හොඳේ. ඔයාලගෙ විනෝදාංශ ගැනත් comments එහෙම දාන්න....... 

0 comments:

Post a Comment