topbella

Monday, June 25, 2012

Thursday, June 14, 2012

මගේ හිත අද මටම අවනත නැතිවෙලා.














සිහින සිතුවම් බොවෙලා
දෑස ක
ුලින් තෙත්වෙලා
මතකයන් තුළ තනිවෙලා
මගේ හිත අද මටම අවනත නැතිවෙලා...

ගලන ගංගාවක් වගේ
ජීවිතේ ඔහෙ ගලායයි
සීමා මායිම් නැති, පවුරු බැමි නැති
මගේ හිත අද මටම අවනත නැතිවෙලා...

සිහින දැක්කෙත් මං තමයි
පෙම් කළෙත් මා ඔබටමයි
අහිමි වූවත්, හදාගන්නට බැරි තරම්,
මගේ හිත අද මටම අවනත නැතිවෙලා...

තරු නොපෑයු අහසක් වගේ
නිසල මහ සයුරක් වගේ
ුර ගිලගත් ජීවිතේ තුළ
මගේ හිත අද මටම අවනත නැතිවෙලා...

Wednesday, June 13, 2012

මේ ජීවිතේ...!!!

මගේ ජීවිතේ සිතුවම් පටක් මෙනි.
ආදරේ කළේ එක් අයෙකුටයි,
හිත හොරාගත්තෙ වෙනත් කෙනෙකුයි,
නමුත් මා හිමිවුණේ තවත් කෙනෙකුටයි.
කෙසේ අමතක කරන්නට තැතනුවත්,
ඒ හැම මතකයක්ම මොහොතින් මොහොත
සිත්තම් පෙළක් මෙන් මගේ මතකයේ මැවෙනවා.
ඒ හැම මතකයක්ම හරිම සුන්දරයි.
ඒත්...........
මගේ හිත අද මටම අවනත නැතිවෙලා,
මට මාවම පාලනය කරගන්න බැරිවෙලා.
වෙලාවකට මට හි‍තෙනවා.........
මං මගේ හැම දෙයක්ම,
මට උරුමවුණු හැම දෙයක්ම,
නැති කරගත්තද කියලා..........

Thursday, June 7, 2012

Sunday, June 3, 2012

පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා



බුදුන් සරණ සතහට වේවා        - සඳහම් රස සෙත සැලසේවා
සඟුන් බෙලෙන් මෙත වැජ‍ඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා...//

පොසොන් මහේ සඳ එළිය ගලාවිත්
මිහිමව් අඳුරෙන් එකලු කළා
මිහින්තලා කඳු මුදුන දෙසින් ආ
සාධු හඬින් ලක්මව තෙමුණා...//
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා//

ලක් වැසියන් හට මෙත් කරුණාවෙන්
බුදුන් දෙසූ සඳහම් ගඟුලේ
දම් බිඳකින් සිරිලක නිවුණා
චුලහත් පදුපම සුත දම් දෙසුමට
දෙටුතිස් රජ තිසරණ පැතුවා...//
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා...//

අකුසල් දුමියොත් වසා පැතිර ගිය
අ‍ටලෝ තිලකුන් ඵලදම් වැස්සට
තුන් ලෝ තෙද බල සසල වුණා
මිනිසා තිරිසන් බවින් මිදී අඳ
නිවන් මඟට දෙනුවන් ලැබුවා...//
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා//

පොසොන් මහේ සඳ එළිය ගලාවිත්..........

බුදුන් සරණ සතහට වේවා        - සඳහම් රස සෙත සැලසේවා
සඟුන් බෙලෙන් මෙත වැජඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා....//

පද රචනය - චතූ පෙරේරා

බුදුහාමුදුරුවනේ.....






නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......

පංචකාම බලයෙන් මත් වී
සත්වග අඳුරට මුවා වෙලා
මිනිසා තිරිසන් බවින් මුදන්නට
බුදුරැස් අරුණලු එකලු වුණා
බුදුහාමුදුරුවනේ........
බුදුරැස් අරුණලු එකලු වුණා...//

අමා දහම් රස ගඟුල ගලා
මෙත් කරුණා සියපත් පිපිලා
අටලෝ දහමින් කම්පිත නොවනට
සමිද දෙසූ තිලකුන් ඇසුණා
බුදුහාමුදුරුවනේ........
සමිද දෙසූ තිලකුන් ඇසුණා...//

මිසදිටුකම් අකුසල දම් කුල මල
නිමල දහම් සයුරේ ගිල්වා
අමිල නිවන් මඟ ලොවට පිදූ ඔබ
කුසිනාරාවේ පිරිනිවුණා
බුදුහාමුදුරුවනේ..........
ලෝ සත කතරින් එතෙර වුණා...//

බුද්ධං සරණං ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි - තිසරණ සරණං ගච්ඡාමි...//

පද රචනය - චතූ පෙරේරා