නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස......
පංචකාම බලයෙන්
මත් වී
සත්වග අඳුරට
මුවා වෙලා
මිනිසා තිරිසන්
බවින් මුදන්නට
බුදුරැස්
අරුණලු එකලු වුණා
බුදුහාමුදුරුවනේ........
බුදුරැස්
අරුණලු එකලු වුණා...//
අමා දහම් රස ගඟුල
ගලා
මෙත් කරුණා
සියපත් පිපිලා
අටලෝ දහමින්
කම්පිත නොවනට
සමිද දෙසූ
තිලකුන් ඇසුණා
බුදුහාමුදුරුවනේ........
සමිද දෙසූ
තිලකුන් ඇසුණා...//
මිසදිටුකම්
අකුසල දම් කුල මල
නිමල දහම්
සයුරේ ගිල්වා
අමිල නිවන් මඟ
ලොවට පිදූ ඔබ
කුසිනාරාවේ
පිරිනිවුණා
බුදුහාමුදුරුවනේ..........
ලෝ සත කතරින්
එතෙර වුණා...//
බුද්ධං සරණං
ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං
ගච්ඡාමි - තිසරණ සරණං ගච්ඡාමි...//
පද රචනය - චතූ
පෙරේරා
0 comments:
Post a Comment