topbella

Sunday, June 3, 2012

පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා



බුදුන් සරණ සතහට වේවා        - සඳහම් රස සෙත සැලසේවා
සඟුන් බෙලෙන් මෙත වැජ‍ඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා...//

පොසොන් මහේ සඳ එළිය ගලාවිත්
මිහිමව් අඳුරෙන් එකලු කළා
මිහින්තලා කඳු මුදුන දෙසින් ආ
සාධු හඬින් ලක්මව තෙමුණා...//
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා//

ලක් වැසියන් හට මෙත් කරුණාවෙන්
බුදුන් දෙසූ සඳහම් ගඟුලේ
දම් බිඳකින් සිරිලක නිවුණා
චුලහත් පදුපම සුත දම් දෙසුමට
දෙටුතිස් රජ තිසරණ පැතුවා...//
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා...//

අකුසල් දුමියොත් වසා පැතිර ගිය
අ‍ටලෝ තිලකුන් ඵලදම් වැස්සට
තුන් ලෝ තෙද බල සසල වුණා
මිනිසා තිරිසන් බවින් මිදී අඳ
නිවන් මඟට දෙනුවන් ලැබුවා...//
පොසොන් පෝ දා - අනුබුදු හිමි වැඩි පුන් පෝ දා//

පොසොන් මහේ සඳ එළිය ගලාවිත්..........

බුදුන් සරණ සතහට වේවා        - සඳහම් රස සෙත සැලසේවා
සඟුන් බෙලෙන් මෙත වැජඹේවා- තිසරණ ගුණ තිලොවට වේවා....//

පද රචනය - චතූ පෙරේරා

0 comments:

Post a Comment